අධික වේගයෙන් ගිය සුපිරි මෝටර් රථය පෙරළී ගිනිගනී..!
අද (7) සවස සිදු වූ අනතුරකින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇති බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරනවා.
ඒ ගාලු මුව දොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පී ගේ පාලනය කිරීමට නොහැකිව මාර්ගයේ මංතීරු වෙන්කර මැද පිහිටි බැම්මෙහි ගැටීමෙනි.
ගින්නෙන් ජීවිත හානි නොමැති අතර මෝටර් රථයට හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මෝටර් රථයේ මාර්ගය මැද උඩුබැලි අතට පෙරළි ගිනි ගෙන ඇති බවත් එම අවස්ථාවේදීම රියදුරු ලෙස කටයුතු කළ කාන්තාව ප්‍රදේශයේ මෝටර් රථයෙන් පිටතට පැමිණි බවත් පොලිසිය සඳහන් කරනවා.
මෝටර් රථයේ හටගත් ගින්න නිවීම සඳහා මහා නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබූ බව පැවසේ . අනතුරින් මාර්ගය පිහිටා ඇති මංතීර වෙන්කරන කොටසට හානි සිදුවී ඇත. සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් අංක 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |