ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ගන්න අයට අනතුරුදායක දැනුම්දීමක්..කාන්තාවන්ට විශේෂයි..

Cancer Heart Cancer Stomach Cancer Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Sep 14, 2023 12:02 AM GMT
Report

දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බව ජාතික පිළිකා වැඩසටහන අවධාරණය කර තිබෙනවා.

එම වැඩසටහන පවසන්නේ, ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ වක්‍රාකාරයෙන් පිළිකා රෝගීන් වර්ධනයට හේතුවක් වී ඇති බවයි.

ජාතික පිළිකා පාලන වැඩසටහන හෙළිදරව් කළේ, 2020 වසර දක්වා සිදු කළ සමීක්ෂණවලට අනුව දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බවයි.

ඒ අනුව, වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි සඳහන්ය වන්න.

පිරිමි පුද්ගලයන් අතර බහුල ව ඇති වන පිළිකා ලෙස මුඛ ආශ්‍රිත පිළිකා, ශ්වාසනාල සහ පෙනහළු ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ව ඇති වන පිළිකා පෙන්වා දිය හැකිය.

කාන්තාවන් අතර වැඩිවශයෙන් දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකායි.

ඊට අමතර ව තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගර්භාෂය ආශ්‍රිත පිළිකා සහ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා කාන්තාවන්ට අතර දක්නට ලැබෙන බව වාර්තා වේ.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

විවිධ ආලේපන වර්ග භාවිතයෙන් පසු සමෙහි ඇති වන රෝගී තත්ත්වයන් කාන්තාවන් අතර බහුල ව පිළිකාව ඇතිවීමට හේතුවක් වී ඇති බව සඳහන්.

මේ අතර, සැප්තැම්බර් මාසය ජාත්‍යන්තර වශයෙන් ළමා පිළිකා මාසය ලෙස නම් කර තිබේ. ඒ අනුව අවුරුදු 19ට අඩු දරුවන් අතරත් පිළිකාව ව්‍යාප්ත වන බවක් ද දක්නට ලැබේ.

වසරකට ළමුන් 750ත් 800ක් වැනි පිරිසක් පිළිකා රෝගීන් බවට ගොදුරු වීම ඛේදනීය තත්ත්වයක් බව වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ, දරුවන්ට ලබාදෙන ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ වක්‍රාකාරයෙන් පිළිකා රෝගී තත්ත්වයක් වර්ධනය වීම දක්වා හේතුවක් වී ඇති බවයි.

ඇලුමිනියම් භාජන වල කෑම උයනවනම් මේ ගැන දැනුවත් වෙලා ඉන්න

ඇලුමිනියම් භාජන වල කෑම උයනවනම් මේ ගැන දැනුවත් වෙලා ඉන්න