බලා හිටියම විභාගයක්.. දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education School Incident Latest Headlines
By krishani Jul 15, 2024 01:42 PM GMT
Report

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බලා හිටියම විභාගයක්.. දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Calling For Applications Of Git Exam

ඒ එම විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024/07/12 වන දින සිට 2024/07/29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවය.

ඒ අනුව සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති/ පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතු ය.

විදුහල්පතිවරුන් / පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම 'DOE'වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS)

මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS)


අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි ය.

උක්ත විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වේ.

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුය.

මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටි 2023 පැවති GIT විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට 2023 වර්ෂයේ දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට හා 2024 12 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වේ.

දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති වර්ෂ අතරින් සිසුන්ගේ අදාළ වර්ෂය තෝරා ගත යුතු අතර පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු ඒ ඒ වර්ෂ අනුව දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතුය.

පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න..

පියුමි හංසමාලි අත්අඩංගුවට ගනී ද?. අද මොකද වුණේ?. ඇය ගැන ගත්ත තීරණය මෙන්න..


ගාස්තු ගෙවීම් කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කළ නොහැකිය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර,

1911 0112 786 616 / 0112 784 537 / 0112 784 208

ෆැක්ස් - 0112 784 201

පොදු අංක - 0112 785 202 / 0112 786 200 / 0112 784 201