හිටපු ඇමතිවරු නව කැබිනෙට්ටුව ගැන කියන දේ..
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (18) විවිධ අදහස් පළ කළේය. ඒ ඔවුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ, නව කැබිනට් මණ්ඩලය තුළ යම් දියුණුවක් දැකිය හැකි බවය.
"යම් දියුණුවක් තියෙනවා කියන්නේ, ඒ අයගේ චරිත ප්‍රධාන කටයුතුවල වෙනස් වෙලා තියෙනවා. ඒකේ යම් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේකේ මුලික වෙදකම තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම තුළ. එහෙම නැතුව කුට්ටමේ කොළ මාරු කිරීම තුළ නෙමෙයි."
මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, තමාගේ කණ්ඩායමේ කිසිදු කෙනෙක් අමාත්‍යධූර භාරගැනීමට සුදානමක් නොමැති බවය.
"අපි සියලුදෙනාම අද වෙනකොට ස්වාධීන වෙලා ඉන්නේ, කාත් එක්කවත් තරහක හෝ වෛරයකට නෙමෙයි. මේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට රට පිළිගන්න හරි උත්තරයක් දෙන්න ඕනේ කියන කාරණාව මත. ඒ ඇරෙන්න ඇමතිකම් දුන්නට එහා පැත්තට මෙහා පැත්තට යන කට්ටියක් මේ ගොඩේ නෑ. ඒ නිසා තමයි අපි අදත් බලාපොරොත්තු වෙන්නේ ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි කියලයි."
එම අවස්ථාවේ දී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, නව කැබිනට් මණ්ඩලයට සුබ පැතුම් එක්කරන බවය.
"ඒ ඇමතිවරුන්ට අපි සුබ පතනවා ඒ කටයුතු කරගෙන යන්න. ඒත් ජනතාව ඉල්ලන්නේ වෙනත් දෙයක්."
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නව කැබිනට් මණ්ඩලය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, කැබිනට් මණ්ඩලය පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවය.
"අපිත් ජනතාවත් සමහරවිට ඒ කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ පත්කරපු කැබිනට් මණ්ඩලය දැනට ඇති වෙලා තියෙන ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුමක් හැටියට අපි දකින්නේ නෑ. නමුත් අපි ඒ කැබිනට් මණ්ඩලයට සුබ පතනවා. ජනතාව ඉතාම අසීරුවෙන් අමාරුවෙන් ඉන්නේ. මේ දුක්විඳින ජනතාව වෙනුවෙන් වහාම පියවර අරගෙන පෙන්වන්න මේ කැබිනට් මණ්ඩලය තුළින් ජනතා ප්‍රශ්න විසඳනවා කියලා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |