තවත් ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඉවත් කරයි?..

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Cabinet ministers
By Aruna Jan 04, 2022 10:54 PM GMT
Report

ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ ජාල මාධ්‍ය වලද අදහස් පළ වෙමින් තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම, කැබිනට් තීරණ ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම යන චෝදනා මත මෙම ඉවත් කිරීම සිදුකරනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළිවෙමින් පවතී.

මේ පිලිබදව මාධ්‍යවේදින් විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර ඔවුන් එම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඊයේ දිනයේ ඉවත් කරන ලද්දේ ද එම චෝදනා මුල් කොට ගෙනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now