හෙට (22) දිස්ත්‍රික්කයක බස්රථ ධාවනයෙන් ඉවත් වෙයි..! බස් හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Jaffna Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 21, 2022 02:24 PM GMT
Report

යාපනයේ පුද්ගලික බස් රථ හෙට (22) දිනයේ ධාවනයෙන් ඉවත් වන බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අදාළ ප්‍රදේශයේ බස් රථ හිමියන් විසින් එම දැනුම්දීම සිදු කර ඇති අතර අද(21) පොලීසිය විසින් සිදුකළ පහරදීමක් මෙම තීරණයට හේතු වී ඇති බවයි ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

යාපනය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවෙන් ඉන්ධන ලබානොදීමට පියවර ගැනීමත් සමග පුද්ගලික බස් රථ ඊට විරෝධය පළ කරමින් ඩිපෝව අසල නවතා තිබුණු බවත් එහි පැමිණි පොලිසිය බස් සේවකයන්ට පහර දුන් බවට තමන් වෙත දන්වා සිටි බවත් ඔහු සඳහන් කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now