හෙට (26) සිට සිදුවන බස් ධාවනය ගැන දැනුම්දීමක්

Sri Lanka Sri Lanka Bus Strike Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 25, 2022 08:32 AM GMT
Report

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, නැවතත් ඉන්ධන අර්බුදයක් රට තුළ ගොඩනැගෙනමින් තිබෙන බවය.හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

පසුගිය දින තුන තුළ ලංගමයෙන් නිසි ලෙස ඩීසල් නොලැබුණ බව ද පැවසු එ් මහතා, අද දිනයේ දීත් පූර්ණ වශයෙන් බස් ධාවනය නොවු බව පැවසීය. අද දවසේදීත් දකුණු පළාතේ බොහෝ බස්රථ ප්‍රමාණයක් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින බව ද පැවසු ඒ මහතා මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය

........................................................................................

You may like this video

කොළඹ ලංකා බැංකුව ඉදිරිපිට විරෝධතාවයක්.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now