"බස් පාස්" ගැන කැබිනට් මණ්ඩල තීරණය - පාස් එක නැති කරනවද..?

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Cabinet Srilanka Bus
By Sewvandhi Mar 09, 2024 02:37 PM GMT
Report

කැබිනට් මණ්ඩලය විසින්, පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය ඉවත දමා ඇත.

මේ වසරේ මුල සිට මහ භාණ්ඩාගාරය එම ගමන් බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ මුදලක් රජය වාර්ෂිකව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙයි.

භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට, රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් මේ වසරේ එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව දැනුම්දී තිබිණ.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ බස් ගමන් බලපත්‍රය තවදුරටත් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ බස් රථ පාවිච්චි කිරීමට වඩා එවැනි බලපත්‍රයක් ලබාදීම වාසි සහගත බව පෙනීගියේ යැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුව වෙනුවෙන් මිලදී ගත් ලොකු බස් රථ දහයක් පමණ දැනට එහි පවතී.(උපුටාගැනීමක්)