ඉන්ධන ගැටලුව මත අනිද්දා සිට බස් ධාවනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Jun 15, 2022 02:22 AM GMT
Report

ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබුනොත් අනිද්දා(17) සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා  කියා සිටියේ ඩීසල් නොමැති වීම නිසා අද(15) දිනයේත් ධාවනය වන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බවත් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම මේ වනවිට අත්හිටුවා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join