හදිසියේ බස්රථ 500ක් ගේන්න අවසර හිමි වෙයි.

Sri Lanka Bus Indian
By Aruna Jan 04, 2022 06:36 AM GMT
Report

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750ක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 500ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඉන්දීය ණය රේඛාව යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහා ජීප් රථ 150ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750ක් මිලදී ගැනීමට 2020 නොවැම්බර් 16 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ලබාදීමට ද ප්‍රවාහන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now