බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා හා සාකච්ඡාවක් - එකගතාවයක් නොමැති වුවත් අවම ගාස්තුවක් ගැන බස් සංගමයෙන් ප්‍රකාශයක්..

Transport Fares In Sri Lanka
By krishani Jun 28, 2022 10:52 AM GMT
Report

ඉහළ යන ඉන්ධන මිල හමුවේ නව බස් ගාස්තු සංශෝධන සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

එහිදී බස් සංගම් විසින් 30% ක බස් ගාස්තු වැඩිවීමක් සමග අවම ගාස්තුව රුපියල් 40 ක පවත්වාගත යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබූ නමුත් ප්‍රවාහන අමාත්‍යවරයා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම යෝජනාවන්ට මෙතෙක් එකඟතාවක් පළ කර නොමැති නමුත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජන් මහතා කියා සිටියේ සාකච්ඡාවේදී අවම බස් ගාස්තුව රුපියල් 40 මට්ටමේ තබා ගැනීම සඳහා දෙපාර්ශවයේ එකඟතාවක් ඇති වූ බවයි.

එමෙන්ම සමස්ත බස් ගාස්තුව 30% කින් වැඩිකිරීමටත් එකඟතාව හිමි වූ බව ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ ය.