බස් ගාස්තු ඉහළට ?..

Sri Lanka Transport Fares In Sri Lanka Sri Lanka Bus Strike
By krishani Jun 26, 2022 06:24 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව හෙට (27) සිටම ඉහළ දැමිම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

එහිදී නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටින අතර දැනට පවතින අවම බස් ගාස්තු මිල නව සංශෝධනයත් සමග රුපියල් 40ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

හෙට දහවල් 12 වන විට බස් ගාස්තුව සංශෝධනය නොවන්නේ නම් ඉදිරියේ දී බස් ධාවනයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join