මාරාන්තික බස් අනතුරක්.. බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි..

By Sithumi Aug 04, 2022 03:37 PM GMT
Report

අධික වර්ෂාව මධ්‍යයේ ධාවනයවෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ. පූඩලුඔය සිට ගම්පොළ දක්වා ධාවනයවෙමින් තිබූ එම බස් රථය කොත්මලේ මල්හෑව ප්‍රදේශයේදී එලෙස අනතුරට ලක්වී ඇත

. අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා කොත්මලේ සහ ගම්පොළ රෝහල් වෙත ඇතුළත් කර තිබේ. අද (04) සවස 3.30ට පමණ එම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බව වාර්තා වෙයි. අනතුරෙන් මියගොස් ඇත්තේ නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ධම්මික හේමන්ත යාපා නම් පුද්ගලයෙකි.