බසයක් පල්ලමකට පෙරළී යයි - 12ක් රෝහලේ..!

Ratnapura Sri Lanka Accident
By Sewvandhi Feb 10, 2023 09:25 AM GMT
Report

ශ්‍රී පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එම මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී අද(10) පාරෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ හෙළකින් පහළට පෙරළී තුවාල ලැබූ දොළොස් දෙනෙක් ගිලීමලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දහවල් 01.00ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ හතළිස් පස් දෙනෙක් පමණ සිටි බව පොලිසිය සඳහන් කළේය. තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම බස් රථය කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ ධාවනය වන බස් රථයක් බව ද පොලීසිය පැවසුවේය. සිරිපා වන්දනාකරුවන්ගේ පහසුව තකා විශේෂ බස් සේවා මේ දිනවල ක්‍රියාත්මකය. මෙම බස් රථය පලාබද්දල මාර්ගයේ ගමන්වාර සඳහා අද යොදා තිබුනු එකකි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඉඳුරුව ප්‍රදේශයේ වංගුවකදී බස් රථය අඩි තිහක් පමණ වු පල්ලමකට පෙරලී ගොස් තිබුණි. බස් රථයේ ගමන්කළ පිරිස අතර සිරිපා වන්දනාවෙ ගොස් පැමිණි කිහිප දෙනෙකුද වන බවට සැකකරන්නේ යැයි පොලිසිය පැවසුවේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now