දක්ෂිණ අධිවේගයේ ගිය වන්දනා ගමනක් නතර වූ තැන..(PHOTOS)

Sri Lanka Accident
By Aruna Jan 01, 2023 06:55 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ රියදුරු ඇතුළු තුවාලකරුවන් පිරිසක් රෝහල්ගතකර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 88 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයකි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වූ බස් රථය මීටර් 100කට ආසන්න දුරක් ගමන්කර ප්‍රපාතයකට පෙරළී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery