දරුණු මාරක බස් අනතුරු දෙකක්..දෙකම CTB බස් රථ.(PHOTOS)
Sri Lanka
Accident
By Aruna
මීගමුවේ සිට හංවැල්ල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ගම්පහ වතුරුගම බස් මාර්ගයේ දී අද උදෑසන අනතුරට ලක්වුණා.
බස් රථයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 70 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන් ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල, මූදුකටුව ඉන්ධන පිරවුම්හල අසලදී ප්‍රධාන මාර්ගයට අපරික්ෂාකාරීව ධාවනය කල ලොරි රථයක් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් බස් රථය මාර්ගයේ දකුණුපස ඇති විදුළි කණුවක ගැටී නතරවී ඇත.
ඊයේ(01) රාත්‍රි 11.30 ට පමණ මෙම අනතුර සිදුවූ බවටයි වාර්තා වන්නේ.
මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |












