මල් ශාලාවට මැර ප්‍රරහාරයක්..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 10, 2023 01:21 PM GMT
Report

අද (10) අලුයම අම්පාර ප්‍රදේශයේ මල් ශාලාවකට මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ. මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මල් ශාලාවේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ප්‍රහාරයෙන් මල් ශාලාවේ හිමිකරුගේ පුත්‍රයාගේ පාදයට බරපතළ තුවාල සිදුව ඇති බවයි.

"බූරු පොඩී" නමැති අයෙකු සමඟ පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මේ අතර අදාළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පහරකෑමට ලක්ව ඇති තරුණයාගේ වැඩිමහල් සොහොයුරා පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසිය ගොස් සිටි බවද වාර්තාවෙයි

මේ වනවිට පහරදීම සිදුකළ පිරිස ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now