ප්‍රවේසමෙන් - ගණිකා නිවාසයකින් සමාජ රෝගීන් රැසක්..!
Sri Lanka
By Sewvandhi
වවුනියාව ප්‍රදේශයෙන්, ගණිකා ජාවාරාමේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට සමාජ රෝග වැළඳී ඇති පුවතක් වාර්තා වෙයි.
පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී ගණිකා ජාවාරාමේ නිරතව සිටීමේ චෝදනා මත එම කාන්තාවන්පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම සියලුදෙනාටම සමාජ රෝග වැළඳී ඇති බවය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් සංඛ්‍යාව 7කි.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ජනතාව වෙත දැනුම්දීමක් සිදුකරමින් පවසා ඇත්තේ එම කාන්තාවන් ඇසුරු කළ අයෙකු වේ නම් කඩිනමින් වවුනියාව රෝහල වෙත පැමිණ පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙසටය.