බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙන් ජනපති රනිල්ට විශේෂ පණිවිඩයක්

Boris Johnson Ranil Wickremesinghe Sri Lanka United Kingdom
By Sithumi Sep 02, 2022 01:40 PM GMT
Report

සර්ව පාක්ෂික රජයක් පිහිටු වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ජනාධිපති වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය බවයි. ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් විශේෂයෙන්ම වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කර තිබෙනවා.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වසය පළ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධවීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

 මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය පිළිබඳ සිහිපත් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මෙමගින් එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද සඳහන් කර තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now