අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Wheat Flour
By R.rishma Oct 30, 2026 04:13 AM GMT
Report

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් මිල ඉහළ නැංවීමට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇත.