පාන් හා බනිස් මිල ගැන තීරණයක්..
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවයි.
බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට, සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා හෙට සිට වැඩි කිරීම හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද පැවසූ ඔහු මේ නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරිමට සිදු වී ඇතැයි ද කීය.
එමෙන්ම ඔහු, දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවත් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් සිදු වන විශාල පාඩුව බේකරි හිමියන් දරා ගන්නා බවත් සඳහන් කළේ ය.
සංගමයේ සභාපති ජයවර්ධන මහතා පැවසුවේ, විශේෂයෙන් වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට එල්ල වන විශාල පාඩුව පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බවයි.