2022 ජූලි 31න් පසු මෙරටට ගෙනාපු දෙයක් නතර කෙරේ..දැන්ම අරගන්න..විශේෂ දැනුම් දීමක්..
එළැඹෙන ජූලි 31 වැනිදායින් පසු මෙරටට යළිත් බූස්ටර් එන්නත් මාත්‍රා රැගෙන නොඒමට තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියෙක් මෙරට ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.
මහජන මුදල් වැයකර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් ජූලි 31 වැනිදායින් කල් ඉකුත්වීමට පෙර ලබා ගැනීමට ජනතාව උනන්දු නොවීම හේතුවෙන් මෙම තීරණයට පැමිණ ඇත.
මෙම මාර්තු මාසය ආරම්භයේදී ෆයිසර් එන්නත් අනූහත්ලක්ෂ හැත්තෑදහසක් ඉතිරිව තිබුණි.
එය කල් ඉකුත්වීමට පෙර දීමට නම් ඉතිරි දින 180 ඇතුළත දිනකට එන්නත් මාත්‍රා හැටදසක් බැගින්වත් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කොවිඩ් කාර්ය සාධක බළකායෙන් නියෝග ලබා දී තිබේ.
දිනකට බූස්ටර් මාත්‍රා හැටදහසක් ලබා දීමේ ඉලක්කය සඳහා මාර්තු 01 වැනිදා සිට උපදෙස් දී ඇතත් ගත වූ දින 18 ඇතුළත බූස්ටර් එන්නත් ලබා දී තිබුණේ, හාරලක්ෂ හැත්තෑදහස් පන්සිය විසි එකකි. (4,70521)
දිනකට එන්නත් තිස්දහසක්වත් ලබා දීමට මෙම දින දහඅට තුළ අපොහොසත් වී ඇත.
දෛනික ඉලක්ක වෙත යෑමට නොහැකිවීම හමුවේ ජූලි 31 වැනිදා වන විට ෆයිසර් එන්නත් විශාල ප්‍රමාණයක් ඉතිරිවන හෙයින් තවදුරටත් මහජන මුදල් අපතේ යවමින් බූස්ටර් එන්නත් රැගෙන නොඑන බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |