එන්නත් තුනම ගත් පිරිස ගැන විශේෂ දැනුම්දීමක්..මාර්තු 01 වන දා සිට කරන දේ.

Sri Lanka Healthy Covid vaccines Booster vaccines
By Aruna Feb 27, 2022 02:23 AM GMT
Report

පූර්ණ එන්නත්කරණයට ලක්වූ, විදේශගත වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.

ඒ අනුව මාර්තු 01 වනදායින් පසු එක්සත් එමීර් රාජ්‍යය වෙත පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් සඳහා එසේ පිටත්වයෑමට පෙර ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව අවශ්‍ය නොවන බවට තීරණය කර තිබේ.

මේ අතර විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සම්පූර්ණ එන්නත් ලබා ඇති සියලුම සංචාරකයින් 2022 මාර්තු 01 සිට පැමිණීමට පෙර PCR හෝ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now