බූස්ටර් එන්නත ගත්ත සහ නොගත්ත අයට වැදගත් පණිවුඩයක්..මෙවැනි රෝග ඔබටත් තියේද?

Corona Sri Lanka Healthy Covid vaccines Booster vaccines
By Aruna Feb 17, 2022 03:57 AM GMT
Report

බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවට පළ වන ප්‍රකාශවල සත්‍යතාවක් නො මැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රකාශ කළේ, අසත්‍ය ප්‍රකාශවලට නො රැවටී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යුහුසුලුව කටයුතු කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.

සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමෙන් පසුව සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරිය සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර බරපතල රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි වාර්තා වේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගි වී තිබේ.

මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ යනු ඇත.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 631,816ක් දක්වා ඉහළ ගියේ තවත් කොරෝනා ආසාදිතයන් 1,217ක් ඊයේ වාර්තා වීමත් සමගයි.

තවත් කොරෝනා මරණ 25ක් ඊයේ වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 15,899ක් දක්වායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now