20ට වැඩි ඕනෑම කෙනෙකුට ඕන තැනකින් බූස්ටර් එන්නත ගත හැකි බව දැනුම් දෙයි.

Sri Lanka Channa jayasumana Booster vaccines
By Aruna Dec 12, 2021 09:16 AM GMT
Report

අවම වශයෙන් මාස 3කට පෙර කොවිඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුරවැසියෙකුට දිවයිනේ ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකට ගොස් බූස්ටර මාත්‍රාව (ෆයිසර්) ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොවිඩ් මර්දන තුන්වැනි මාත්‍රාව හිමිවන පළමු අවස්ථාවේම ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ තුන්වැනි මාත්‍රාව ලබාගත් පසු ඇතිවන සුළු රෝග ලක්ෂණවලට බිය නොවන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now