බෝම්බ බියකින් ප්‍රධාන නගරයක් කැළඹෙයි..වහාම ජනතාව ඉවත් කරයි.
බස් නැවතුම් පල භුමියේ අයිතිකරුවකු නොමැති සැක කටයුතු විශාල ප්‍රමාණයේ බැගයක් තිබීමත් සමග හැටන් නගරයේ බෝම්බ බියක් ඇති විය.
18වන දින සවස් කාලයේදි මෙම ස්ථානයේ කලු පැහැති විශාල ප්‍රමාණයේ බැගයක් ඇති බවට ආරංචි විමත් සමග මෙම බෝම්බ බිය ඇතිවු අතර මේ පිලිබදව හැටන් පොලිසිය දැනුවත් කිරිමෙන් පසු ක්ෂනිකව ක්‍රියාත්මකවු හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ප්‍රදේශයට ජනතාව ඒම වලක්වා එකි සැක කටයුතු බැගය පරික්ෂා කිරිමට පියවර ගන්නා ලදි.
පසුව එහි පුපුරන ද්‍රව්‍ය නොමැති බවට සැක හැර දැන ගැනිමෙන් පසුව එම සැක කටයුතු බැගය හැටන් පොලිස් ස්ථානය වෙත ගෙනවිත් පරික්ෂා කිරිමේදි එම බැගය ඇදුම් බැගයක් බවට හදුනා ගන්නා ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ඇදුම් බැගය පරික්ෂා කිරිමේදි අදාල බැගයේ හිමි කරුගේ ජාතික හැදුනුම් පත හා දුරකථන අංකයන්ද සොයා ගැනිමට හැකිවු බවත්ය.
ඒ අනුව එම දුරකථන අංකයට කතා කල විට අදාල බැගයේ හිමිකරු කියන අය බැගය අමතක කර කොළඹ බලා යන බසයේ වැල්ලම්පිටිය දක්වා ගමන් කරන බව පැවසු බවත් ඒ අනුව එම පුද්ගලයාට බසයෙන් බැස නැවත හැටන් පොලිසියට පැමිනෙන ලෙස දැනුම් දුන් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |