මෙරට ස්ථාන 03ක පෙට්‍රල් බෝම්බ පිපිරීම් 03ක්..ආරක්ෂක අංශ සීරුවෙන්.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna May 05, 2024 07:14 AM GMT
Report

මෙරට ස්ථාන තුනක පිහිටි නිවාස තුනකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර එම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව, යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අලුයම් කලයේදී එල්ල වී ඇති එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් නිවසේ කොටස් කීපයකට ගිණි ඇවිලී ගොස් ඇති අතර, ප්‍රහාරය එල්ල කරණ ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවයි, අච්චුවේලී පොලීසිය පැවසුවේ.

මේ අතර, අච්චුවේලී පොලිස් බල ප්‍රදේශයේ තවත් නිවාස දෙකකට සවස් කාලයේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙන බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද අච්චුවේලී පොලීසිය සිද්ධියට සම්බන්ධ බව පැවසෙන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබේ.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ එම නිවෙස් දෙකටම ගල් ප්‍රහාරද එල්ල කොට එම නිවෙස් වල දොර ජනෙල් වී දුරු බිද දමා ඇති බවයි, වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.