දැනගෙන හිටිය ද?. ලංකාවම දන්න, බන්ධනාගාරයට සුපිරිම හෝටලයක්..

Kandy Prisons in Sri Lanka Prison Latest Headlines Decision Making
By krishani May 06, 2024 02:08 AM GMT
Report

ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට බෝගම්බර බන්ධනාගාරය පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ ය.

දැනගෙන හිටිය ද?. ලංකාවම දන්න, බන්ධනාගාරයට සුපිරිම හෝටලයක්.. | Bogambara Jail

එම බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ය.

එමෙන්ම, වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන ඇත.

එයට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේ ය.

වසර 138 ක් ක්‍රියාත්මක වූ බෝගම්බර බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වනදා සිට වසා දැමීය.

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTO)

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTO)


ඉන් පසු එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනයාම සිදුවිය.

කෙසේ වෙතත්, මේ වන විට බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා පමණක් විවෘත කර ඇති අතර 2014 වසරේ දී එය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබී ය.