රටක් කළඹමින් මව සහ දරුවන් 4 දෙනාගේ සිරුරු මහල් නිවසයෙන් හමුවෙයි..

France
By Sewvandhi Dec 26, 2023 11:20 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවාස සංකීර්ණයක තිබි එකම පවුලේ දරුවන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මියගොස් ඇත්තේ මවක් සහ ඇයගේ දරුවන් සිව්දෙනා බවයි.

තොරතුරු වාර්තා වන්නේ, මෙම සිදුවීම ඝාතනයක් බවට පොලීසිය සැක පළ කරන අතර දරුවන්ගේ පියා අතුරුදන්වී ඇති බවටයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස මාස 09 සිට අවුරුදු 10 දක්වා වයස්වල පසුවූ දරුවන් සිව්දෙනෙකි.