ජනපති විසුරුවා හැරී ගුරුමාරු මණ්ඩලයේ අර්බුධය දරුණු අතට - 28 වනදා සිට සිදුවන දේ..

Ministry of Education Sri Lanka
By Sewvandhi Mar 18, 2023 08:51 AM GMT
Report

ඊයේ (17) අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය නිවේදනය කළේය.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බව එම වාර්තාවල සඳහන්ය.

ගුරු මාරු මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය.

"මේක අසත්‍ය ප්‍රකාශයක්. මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු කිහිපදෙනෙක්... 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. පරිපාලනය ඉතාමත්ම බිංදුවට වැටුණු මහන්තත්ත්වයෙන් සිටින විදුහල්පතිවරුන් 21 දෙනෙක්. විවිධ වරප්‍රසාද ලබන ගුරුවරුන් 1000ක වගේ පිරිසකටත් අවශ්‍ය විදියට අධ්‍යාපනය හසුරුවන්න අපි දෙන්නේ නැහැ."

"මාරුවීම් සියල්ලක්ම 28 වනදා සිට ක්‍රියාත්මක වෙනවා. එසේ නිදහස් නොකරන යම් විදුහල්පතිවරයෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධවත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සම්පූර්ණ නැවැත්තුවොත් රටම අඩපණ කරනවා කියන එක දැඩිව කියා සිටිනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now