කළු විරෝධතා සතියක්..! නව වසරේ ජනවාරි කරන්න හදන දේ..

Sri Lankan protests Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Dec 29, 2022 06:10 AM GMT
Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ,රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බවය.

මීට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now