වාහන ධාවනය කළ හැකි තෙල් නිපදවූ තරුණයා - එම තෙල් භාවිතා කරනවද නැද්ද..? අගමැතිගෙන් තීරණයක්.

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Jun 20, 2022 04:37 PM GMT
Report

පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.

බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now