අපනයනය තහනම් කිරීමෙන් ලොකු ළුෑණු මිල සීඝ්‍රයෙන් පහළ බසී..ගොවීන් පීඩාවේ..

India Businessman World
By Aruna Dec 21, 2023 02:34 AM GMT
Report

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

මේ අනුව, ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉන්දීය රුපියල් 39 - 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 - 21 අතර මිලකට පහත වැටී ඇති බවයි.

ඉන්දීය ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් අවධාරණය කරයි.

ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ළුෑණු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බවයි, ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ලොකු ළුෑණු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ලූනු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ එළවලු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අතර,  පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත්, අපනයනය තහනම් කිරීමේ වේදනාව ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවයි.

කවුරුත් පුදුම කරපු රට ළුෑණු වෙඩිම.. මේ දිනවල මිල අධිකම වෙඩිමක්.(PHOTOS)

කවුරුත් පුදුම කරපු රට ළුෑණු වෙඩිම.. මේ දිනවල මිල අධිකම වෙඩිමක්.(PHOTOS)