බිග් මැච් උණුසුම අතරමැද පාසල් සිසුවකුට තවත් බිහිසුණු අනතුරක්..!

Sri Lanka Accident
By Sewvandhi Apr 08, 2023 01:37 PM GMT
Report

පාසල් දෙකක් අතර බිග්මැච් තරගයක් සඳහා ගාලුපාරේ සැරසිලි සිදුකිරීමට ගොස් සිටි තරුණයෙකු මතට අඩි 50ක් පමණ උස කොඩි කණුවක් වැටී අනතුරකට ලක්වී බරපතළ තුවාල ලබා තිබේ.

ලබන 21 සහ 22 යන දෙදින තුළ කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර  පැවැත්වෙන ක්‍රිකට් සටන වෙනුවෙන් කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය අඩි 50ක් පමණ ඉහළට දැමීමට ගිය අවස්ථායේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ චතුර සමන්නායක නමැති ආදි සිසුවෙකි. සමබරතාවය ගිලිහී කොඩි කණුව බිම පතිතවීමේදී පාර මැද සිටී එම තරුණයාගේ ශරීරය මතට පතිතවී තිබේ. 

 අනතුරෙන් ඔහුගේ දකුණු පාදයේ දණහිසෙන් පහළ කොටසට බරපතළ හානි සිදුවී ඇති බව වාර්තා වනවා.

 විදුහලේ ධජය ගාලුපාරට සහ දුම්රිය මාර්ගයට හොඳින් දර්ශනය වන අයුරින් අඩි 50ක් පමණ උසට එසවීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now