මෙරට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්..!

Sri Lanka Earthquake
By Sewvandhi Mar 30, 2023 08:52 AM GMT
Report

බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය.

කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කළේය.

 ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ භූචලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now