ඔයා දැනගෙන හිටියද.. විටමින් C භාවිත කිරීමෙන් ඔබට මෙතරම් වටින ප්‍රතිලාභ හිමිවන බව.(PHOTOS)

Skin Cancer Skin Care Mysskin Beauty
By Sithumini Oct 04, 2024 04:53 PM GMT
Report

විටමින් සී කියලා කියන්නේ ශරීරයට ඉතාම වැදගත් විටමින් වර්ගයක්. මෙය ප්‍රතිශක්තිකරණයට ඉතාම වැදගත්. ඒ වගේම හැමෝම කැමතියිනේ තමන්ගේ හම ලස්සන කරගන්න.

            EPHCE9

ඒ වෙනුවෙන් කාන්තාවන් විවිධ දේ ශරීරයට ලබා ගන්න පෙළබෙනවා. ඉතින් ඒ අතරින් වැදගත් දෙයක් තමයි විටමින් සී.

 

භාවිත කරන්නේ කෙසේද?

විටමින් සී සහිත ආලේපන හෝ විටමින් සී සහිත සීරම් භාවිත කිරීමෙන් සමට සුවිශේෂි වූ ප්‍රතිලාබ ලබා ගන්න.

එමෙන්ම ඉතාම වැදගත් දෙයක් ලෙස බොහෝ දෙනා ශරීරයට අභ්‍යන්තර පෝෂණයක් ලෙසත් භාවිත කරනවා.

වැදගත්ම කාරණයක් වන්නේ මෙම විටමින් සී අභ්‍යන්තර පෝශනයක් ලෙස ලබා ගැනීමේදි දිනකට 500 mg ධාරිතාව ඉක්මවා ලබා ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි.

එමෙන්ම විටමින් සී අඩංගු එලවළු පළතුරු ආහාරයට ගැනීමෙන් ඔබට ස්වාභාවිකව ඔබේ ශරීරයට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

 මෙමගින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද?

 විටමින් සී ශරීරයට ආලෙපනය කිරීමෙන් හෝ අභ්‍යන්තර පෝෂණයක් ලෙස ලබා ගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? 

 බොහෝ දෙනෙක්ට අවශ්‍ය වන්නේ ශරීරයේ පැහැය වර්දනය කරගැනීමටනේ. 

ශරීරයේ පැහැය වර්ධනය කරගන්න නම් මෙලනින් මට්ටම අඩු කර ගැනීම අවශ්‍යවනවා. 

ඒ අනුව මෙලනින් නිශ්පාශනය අඩු කරගැනීමට විටමින් සී වැදගත් වෙනවා. එමෙන්ම කොලජන් නිශ්පාදනය වැඩි කිරීමටත් විටමින් සී මගින් හැකියාව තිබෙනවා. 

කොලජන් යනු අපේ ශරීරයේ තිබෙන ප්‍රෝටීනයක්. කොලජන් මගින් ශරීරයේ සම එල්ලා වැටීම පාලනය කර සමට තරුණ පෙනුමක් ගෙන දෙනවා. 

 එනම් ඔබට ඔබේ සම ඉතාම ශක්තිමත්ව පවත්වා ගන්නටටත් විටමින් සී වලට හැකියාව තිබෙනවා.

 ඔබත් ඔබේ සම ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් ඔබේ සමේ පෙනුම වර්දනය කර ගැනීන වෙනුවෙන් ඔබේ බියුටි රූටින් එකට විටමින් සී එකතු කරගන්න.