බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී අල්ලයි?
මීට මාස කිහිපයකට පෙර අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්රසන්න පෙරේරා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් තිබෙනවා.
ඒ, අනුව ඔහු, ඔහුගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමඟ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තිදෙනා පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තා ගේ ගෝලයින් බව ද එම ආරංචි මාර්ග පවසනවා.
ඩබල් කැප් චූටි නැමැත්තා කොස්ගොඩ සුජී ගේ වෙඩික්කරුවකු බවත්,මේ තිදෙනාගේ ඡායාරූපද සහිතව මෙම අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දියාවේ පුවත්පතක පළ වී තිබෙන බවත් එරටින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
..........................................................
May you Like