සමාජ මාධ්‍ය කැළඹූ උණවටුනේ සුදු මුහුණු සාදය ගැනීම තීරණයක්.
Sri Lanka
By Gagana
සුදු මුහුණු පමණක් ඇති සංචාරකයන්ට උණවටුන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රාත්‍රී සාදයක් සමාජ මාධ්‍යයෙන් අනාවරණයෙන් පසුව අහෝසි කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සාදය වර්ණභේදවාදය ඇති කරන්නට දරන වෑයමක් බවට සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරණය වීමත් සමඟ අදාළ සාදය අහෝසි කරන්නටත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලීමටත් උත්සව සංවිධායකයින් කටයුතු කර ඇති බවයි වාර්තාව වන්නේ.
කෙසේ වෙතත් මෙම සාදය රුසියානු ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන අවන්හලක සංවිධානය කර ඇති බවට සඳහන්.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු තානාපති කාර්යාලය පැවසුවේ රුසියානු රජය විසින් වාර්ගික නොසලකාහැරීම් හා ජාතිවාදයන් දැඩිව හෙලා දකින බවයි.
එසේම ශ්‍රී ලංකාවේ නීතියට හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරන්නැයි මෙරටට පැමිණෙන සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන්.