හදිසියේම වෙරළට ආ අමුත්තන් ..

Sri Lanka Sri Lanka Navy
By Sewvandhi Feb 11, 2023 12:04 PM GMT
Report

අද (11) අලුයම් කාලයේ, කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළට තල්මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබුණි. කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් යළි මුහුදට දැමීම සඳහා නාවික හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්වී මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එම තල්මසුන්ගෙන් තිදෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවද වාර්තා වෙයි. සෙසු සත්වයින් ආරක්ෂිතව මුහුදට දැමීමට පියවර ගත්තද ඔවුන් යළිත් වරක් ගොඩබිම දෙසට පැමිණෙන බව නාවික හමුදාව සඳහන් කරනවා.

මේ අතර දොඩන්දූව ධීවර වරාය ආසන්න මුහුදේ දී ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යාත්‍රාවේ සිටි පුද්ගයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

දොඩන්දූව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස තල්මසෙකුගේ ගැටී තිබේ. යාත්‍රාව ගොඩබිමට ආසන්නයේ තිබිය දී අනතුර සිදුව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු අනතුරට ලක්වී රෝහල් ගතකර තිබේ. අනතුරින් යාත්‍රාවටද දැඩිලෙස හානී සිදුව තිබුණි


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now