කඩවල් වලින් ගන්න කෑම ගැන සැලකිලිමත් වන්න. - රෝස් වූ හුනෙකු සහිත ඥාණකතාවක් නිසා ගුටිකෙළියක්. - (VIDEO)

Healthy Food Recipes Sri lanka Food Recipes Ministry of Consumer Affairs Authority
By Wayomi Feb 20, 2024 08:05 AM GMT
Report

කල්ලංචියාගම ඉපලෝගම ප්‍රදේශයේ වෙළඳසැලකින් කෑමට ගත් ඥාණකතාවක් තුළ මියගිය හූනෙකුගේ සිරුරක් හමුව තිබෙනවා.

කල්ලංචියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා වෙළදසැලකින් ඥාණකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබෙනවා.

ඔවුන් එය සිය නවාතැන්පළ වෙත රැගෙන ගොස් තේ පානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම් වී ඇති අතර එහිදී එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමු වී තිබුනා.

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලි ඇත.

වැඩි විස්තර පහතින්.