මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය යළි වසා දමයි. - (VIDEO)

Polonnaruwa Weather Floods In Sri Lanka
By Wayomi Jan 02, 2024 06:48 AM GMT
Report

මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි නවතා දමා තිබෙනවා.

 ඒ, ඊයේ (01) පස්වරුවේ මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.   

 එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබූ අතර අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා.

මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය යළි වසා දමයි. - (VIDEO) | Batticaloa Polonnaruwa Main Road Is Closed

 කෙසේ වෙතත් මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා තිබෙනවා.

මේ අතර මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සුංගාවිල, තබාල සහ පුදුර් යන ගම්මානවල කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා.

මඩකළපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය යළි වසා දමයි. - (VIDEO) | Batticaloa Polonnaruwa Main Road Is Closed

එමෙන්ම අධික වැසි තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුරෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේ වගාකරන ලද කුඹුරු අක්කර 13,897 විනාශ වීමෙන් ගොවීන් 4,461ක් දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.    


Sponsor By - Sarrita Jewellery