බැසිල් රාජපක්ෂට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..

Basil Rajapaksa Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Sep 02, 2022 07:52 AM GMT
Report

හිටපු මුදල් ඇඅමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි මස 15වැනිදා තෙක් විදේශගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ අමරිකාව බලා යාමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥ වරයා කළ ඉල්ලීමක් සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අවසරය ලබාදී තිබේ.

මෙරට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්ස ලකා බැලූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now