දින 16 කට පසු මුදල් ඇමති බැසිල් යළි දිවයිනට.

Sri Lanka American Mahinda Rajapakshe Basil Rajapakshe Sri Lanka podujana peramuna
By Aruna Jan 01, 2022 04:35 AM GMT
Report

අමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා නිමල් ලන්සා මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වනදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now