බැසිල් රාජපක්ෂ සහ ආටිගලට එරෙහිව ඉල්ලූ විදෙස්ගමන් තහනමට අධිකරණයෙන් ලැබුණු නවතම තීන්දුව..!

Sri Lanka Basil Rajapaksha S.R.Artigala Ajith Nivad Kabral Central Banka
By Sewvandhi Apr 18, 2022 09:50 AM GMT
Report

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගලට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙස සිදුකළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළා.

අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ වසර 2006 සහ 2015 අතර කාලයේ අමාත්‍ය මණ්ඩල හෝ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුල්‍ය ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනුකළ නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයින් විසින්.

ඔවුන් ඉල්ලා සිටින ගුවන් ගමන් තහනම නිකුත් කළ හැක්කේ චුදිතයින් සම්බන්ධයෙන් පමණක් බව එහිදී අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල පැමිණිලි පාර්ශවයේ නීතිඥයින්ට දැනුම් දුන්නා.

ඒ අනුවයි නඩුවේ චුදිතයින් වන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන මස 02 වනදා තෙක් විදේශ ගමන් තහනම් දීර්ඝ කළ කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, එදින යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද සිතාසි නිකුත් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now