බැසිල් තවත් ගේමකට සූදානම් වෙයි..දින 10කට කරන්න හදන දේ මෙන්න..
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සැලැසුම් දියත් කර ඇති බව පොදු ජන පෙරමුණ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.
එහි මූලික පියවර ලෙස ඔහු සිය මෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.
මේ අනුව, අමෙරිකාවේ සංචාරයක නිරත බැසිල් රාජපක්ෂ මහතා පුරවැසිබාවය ඉවත් කරගෙන මෙරටට පැමිණෙනු ඇති බවයි, පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
බැසිල් රාජපක්ෂ මහතා දින 10කට අධික කාලයක් පොදුජන පෙරමුණ පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුගේ පණිවුඩවලට ප්‍රතිචාර දක්වා නොමැති බවයි, සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියා සිටියේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතා ද ඉදිරිපත් වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් මේ වනවිටත් සිදු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන් ම ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම ද යෝජනා වී ඇති බව වාර්තා වේ.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි, පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.