ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka Bar Association of Sri Lanka
By krishani Jun 19, 2022 04:14 AM GMT
Report

නිවේදනයක් නිකුත් කරමින්, මහජනයා මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරිම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමය පෙන්වාදෙන්නේ දහස් ගණන් ජනයා පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීමට පැය ගණන් හෝ දින ගණන් පොලිම්වල බලා සිටින අතර මෙ තත්ත්වය ජනතාව කෝපයට සහ දැඩී අසහනයට පත්ව සිටින බවත් මෙවන් පසුබිමක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමඟ කටයුතු කිරීම ඉතා වැදගත් බවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් සෑම විටම සාධාරණ සහ අපක්ෂපාතී වියයුතු බවත් ශ්‍රි ලංකා නීතිඥබවත් ගමය පෙන්වාදෙයි.

පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම මහජනතාවට හෙළිදරව් කිරීම මෙන්ම රට දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මුදාගැනීමට ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද රජය නිරන්තර පදනමින් මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත් බව ඔවුන් පෙන්වාදෙයි.

ඉන්ධන, ගෑස් සහ වෙනත් අවශ්‍යතා සැපරීම සඳහා සකස් කර තිබෙන සැලසුම් සහ එම සැලසුම්වල ප්‍රගතිය පිළිබඳවද නිරන්තර දැනුවත් කිරිම් සිදුකිරීම ඉතා වැදගත් වන බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join