බැංකු පොලී අනුපාතයයට සිදු වන අලුත්ම වෙනස. - බැංකුවලින් ණය ප්‍රසාරණය ගැනත් විශේෂ ප්‍රකාශයක්.

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Government Of Sri Lanka Economy of Sri Lanka
By Wayomi Dec 25, 2023 11:11 AM GMT
Report

ඉදිරියේදී බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.ජේ.කේ. එදිරිසිංහ පවසනවා.

ඔහු මේ බව අවධාරණය කළේ,පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශය මගින් සංවිධානය කරන ‘අයවැය - 2024’ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 06 වැනි සම්මන්ත්‍රණයයේදී.

බැංකු පොලී අනුපාතයයට සිදු වන අලුත්ම වෙනස. - බැංකුවලින් ණය ප්‍රසාරණය ගැනත් විශේෂ ප්‍රකාශයක්. | Bank Interest Rate Will Further Decrease

ඒ, අනුව බැංකුවලින් ණය ප්‍රසාරණය කිරීම තවදුරටත් වැඩි කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම රජය විසින් මහ බැංකුවෙන් ණයගැනීම සීමා කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.ජේ.කේ. එදිරිසිංහ සඳහන් කරනවා.

ඔහු තව දුරටත් කියා සිටියේ, ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී වැට් බදු වැඩි කිරීම හේතුවෙන් උද්ධමනයේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවත්, ඊළඟ වසර තුනේදී රටේ ආර්ථික වර්ධනය 5%කින් ඉහළ යන බවත්ය.

මේ අතර රජය විසින් ආනයන සීමා ලිහිල් කළද ආනයනවල විශාල වර්ධනයක් සිදුවී නොමැති බවද මාසයක අපනයන ආදායම රුපියල් බිලියනයක් පමණක් බවත්,මෙම මාසය අවසන් වනවිටදී රටේ ඩොලර් සංචිතය බිලියන හතර ඉක්මවා යනු ඇති බවත්, වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලදී ගෙන විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ දැමීමට මහ බැංකුව සැලසුම් කරන බවත් මොහු විසින් වැඩිදුරටත් පවසනවා.