මෙරට බැංකු ගිණුම් කෝටි 03කට වැඩි ප්‍රමාණයක් ගැන විශේෂ හෙළිදරව්වක්.. ඔබේ ගිණුමත් මෙහෙම එකක් ද බලන්න..

Central Bank of Sri Lanka The Bank of Ceylon Ranjith Siyambalapitiya People's Bank
By Aruna Apr 27, 2024 12:46 AM GMT
Report

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයක්(57,200,000) වේ.

එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

ඇමැතිවරයා සඳහන් කළේ, බැංකුවලට අය නොවන ණය ප්‍රමාණය සාමාන්‍ය කාලවලදී 4% ත් 5% ත් අතර ප්‍රතිශතයක පැවතියත්, මේ වනවිට අය නොවන ණය ප්‍රමාණයේ ප්‍රතිශතය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80 කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවයි.

එමෙන්ම, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.