තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE)

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team Latest Headlines Decision Making
By krishani Mar 06, 2024 12:47 PM GMT
Report
UPDATE:-

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8කින් ජයගැනීමට සමත් විය.

තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE) | Bangladesh Won The Toss In The Second T20 Match

ඒ අනුව ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කරගනිමින් එම ජයග්‍රහණය හිමි කරගත්තේ ය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් නොදැවී ලකුණු 53ක් රැස්කර ගත්තේ ය.

තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE) | Bangladesh Won The Toss In The Second T20 Match

ඔහුට සහාය වූ හ්‍රීඩෝයි පන්දු 25කදී ලකුණු 32ක් රැස්කරගනිමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමක් කළේ ය.

ලිටන් දාස් ලකුණු 36ක් සජ සෞම්‍ය සර්කාර් ලකුණු 26ක් රැසකර ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2ක් දවා ගනු ලැබීය.

කෙසේ වෙතත්, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස්කර ගත්තේ ය.

තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE) | Bangladesh Won The Toss In The Second T20 Match

-------------------------------------------------

බංග්ලාදේශ කණ්ඩායමට සිංහයින්ගෙන් ලැබුණ ඉලක්කය.. (PHOTOS/UPDATE)

අද (06) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE) | Bangladesh Won The Toss In The Second T20 Match

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ ය.

පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස් කළේ ය.

කවිඳු මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 37ක් ‍රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 36ක් රැස් කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූ අතර චරිත් අසලංක ලකුණු 28ක් ලබා තිබිය දී දැවී ගියේ ය.

එමෙන්ම, සධීර සමරවික්‍රම ලකුණු 7කට දැවී ගිය අතර පන්දු යැවීමේ දී Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar කඩුල්ල බැගින් දවා ගනු ලැබීය.

කෙසේ වෙතත්, පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට නියමිත ය.

-------------------------------------------------

අද තරඟයේ කාසියේ වාසිය තීරණය වෙයි..

අද (06) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

තියුණු සටනකින් පසුව අද තරගයේ ජය තීරණය වෙයි - ලංකාවට මොකද වුණේ?. (PHOTOS/UPDATE) | Bangladesh Won The Toss In The Second T20 Match

ඒ අනුව පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය කණ්ඩායමේ නායකයා තීරණය කළේ ය.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

මේ අතර, අද තරගයටත් තරග තහනමකට ලක්වූ වනිදු හසරංග ක්‍රීඩා නොකරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.

GalleryGallery