ඉන්ධන ලැබෙන අත්‍යාවශ්‍ය සේවාවන් වන්නේ මෙයයි..
Bandula Gunawardane
Sri Lanka Fuel Crisis
By krishani
පවතින ඉන්ධන හිඟය හමුවේ ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකිරීමට තීරණය කරනු ලැබූ අතර එය ඊයේ පැවති කැබිනට් හමුවේදී තීරණය ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇත්තේ ප්‍රවාහන, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, දුම්රිය, වරාය, ත්‍රිවිධ හමුදාව සහ කෘෂිකාර්මික ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ සේවාවන් වන අතර එළඹෙන ජුලි මස 10 වනදා දක්වා එය ක්‍රියාත්මක වෙයි.